එන්නත් මිශ්‍ර කිරීමක් පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ගෙන් පිළිතුරු

covid19 Pfizer vaccination AstraZeneca dr chithramali de silva
By Sewvandhi Sep 21, 2021 10:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

“ඇස්ට්‍රසෙනෙකා” එන්නත ගත් අයට ද “ෆයිසර්” එන්නතේ මාත්‍රාවක්ද ලබාගත හැකි බව අනාවරණය වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ එන්නත් මාත්‍රා මිශ්‍රකර දීමක් සිදුනොවන අතර පළමු මාත්‍රාව ගත් එන්නත් වර්ගයෙන්ම දෙවැනි එන්නත් වර්ගය ලබාගත යුතු බවයි ඇය අවධාරණය කළේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මෙම අදහස් පළකළා. කොවිඩ් ආසාදිත ගැබිණි මවක් දරුවා ප්‍රසුත කළ පසු මව්කිරි දීම හරහා කොවිඩ් වෛරසය දරුවාට ආසාදනය නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළා.

මෙරට ගැබිණි මව්වරුන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට එන්නත්කරණයට ලක්කර ඇති අතර ඒ හරහා ඔවුන්ට හෝ දරුවාට කිසිදු අතුරු ආබාධයක් ඇතිවි නොමැති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පෙන්වා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now