දොස්තර අර්චුනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි? - අද අභියාචනාධිකරණයෙ ලැබුණු තීන්දුව මෙන්න.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස එම මන්ත්‍රීවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
එලෙස පෙත්සම ඉදිරිපත් කර තිබුනේ,අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් විසින් වන අතර එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී වග උත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.
කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල නිසියාකාරව පත්වී නොමැති නිසා මෙම ඉල්ලීම ඊළඟ දින සිදු කරන ලෙසත් විනිසුරුවරයා එම නීතිඥවරයාට දැනුම් දුන් අතර අනතුරුව අදාල පෙත්සම ලබන 31 වනදා කැඳවීමටද නියම විය.
රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිට ඉන් ඉවත් නොවී ඉකුත් මහ මැතිවරණයට තරග කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව ඔහුට මන්ත්‍රී ධූරයක් දරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සම්කරු ප්‍රකාශ කරනවා.
ඒ අනුව අදාල මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
You May Like This Video