ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

Government Of Sri Lanka National People's Power - NPP
By Wayomi Jan 15, 2025 03:18 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්‍ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගෙන් ප්‍රශ්න කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ලක්‍ෂ 12කට විට්ස්(Vitz) වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවත්, ඒවා පිළිගෙන ජනතාවද ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බවත්ය.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පසුගිය නොවැම්බර මස මුලදී නලින් හේවගේ කියා සිටියේ ජපාන විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත්ය.

කෙසේ වෙතත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ 70ක - 80ක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු එකල චෝදනා කළ බව ද වසන්ත යාපා බණ්ඩාර අවධාරණය කරනවා.


You May Like This Video


ReeCha