දොස්තර අර්චුනාගේ මන්ත්‍රී ධුරයට මොකක්ද මේ වෙන්න යන්නේ? - අද අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න.

Report

යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින්.

ඒ, අනුව් එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙසයි.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවත්, රජයේ සේවයෙන් ඉවත් නොවී මෙයාකාරයෙන් නාමයෝජනා භාරදීම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කළා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මහින්දගේ පුත්‍රයා යෝෂිත රාජපක්ෂ සහ පෞද්ගලික ආරක්ෂක CID එකට කැඳවයි. - ඒ වෙලාවේ ඉඳලා තියෙන්න කොහෙද දන්නවද?.

මහින්දගේ පුත්‍රයා යෝෂිත රාජපක්ෂ සහ පෞද්ගලික ආරක්ෂක CID එකට කැඳවයි. - ඒ වෙලාවේ ඉඳලා තියෙන්න කොහෙද දන්නවද?.


You may like this video