රන් ගැනුම්කරුවන්ට අලුත් අභියෝගයක් - රත්‍රන් මිල ඉතිහාසගත ඉහළට

Report

මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ රත්‍රන් මිල ගණන් ඉකුත් මාසයට සාපේක්ෂව දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, ඊයේ (19) දිනය වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 368,000 දක්වා ඉහළ ගොස් තිබේ.

රන් වෙළඳපොළ උණුසුම අඩුවෙයි - රන් මිල පහළට

රන් වෙළඳපොළ උණුසුම අඩුවෙයි - රන් මිල පහළට

සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් මහතා පැවසුවේ, ඉකුත් මාසයට සාපේක්ෂව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ දිනයේදී වාර්තා වූ මිල ගණන් 

  • කැරට් 24 රන් පවුම - රුපියල් 368,000
  • කැරට් 22 රන් පවුම - රුපියල් 340,000

ඉකුත් සතියට සාපේක්ෂව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 3,000කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ඉහළ යාම මෙම දේශීය මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් බව රාමන් සුබ්‍රමනියම් මහතා පෙන්වා දුන්නේය.

මෙම මිල ඉහළ යාම හේතුවෙන් ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ගනුදෙනු අඩුවීමක් දක්නට ලැබෙන බවත්, සංගමයේ ලේකම්වරයා මාධ්‍යයට කීවේය.

මැණික් ආනයන බදු වලට වෙන්න යන දේ මෙන්න

මැණික් ආනයන බදු වලට වෙන්න යන දේ මෙන්න

අද කාර්යාලයේ තීරණ ගන්න කලින් සිතන්න - ලග්න කිහිපයකට අනතුරු ඇඟවීමක්

අද කාර්යාලයේ තීරණ ගන්න කලින් සිතන්න - ලග්න කිහිපයකට අනතුරු ඇඟවීමක්