මහින්දගේ පුත්‍රයා යෝෂිත රාජපක්ෂ සහ පෞද්ගලික ආරක්ෂක CID එකට කැඳවයි. - ඒ වෙලාවේ ඉඳලා තියෙන්න කොහෙද දන්නවද?.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක වන නෙවිල් වන්නිආරච්චි ඊයේ (16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම ඊයේ දිනය එහි නොපැමිණි අතර තම නීතිඥයන් මාර්ගයෙන් දන්වා ඇත්තේ ඊයේ දිනයේ එහි පැමිණිය නොහැකි බවයි.
එලෙස දැනුම්දී ඇත්තේ, යෝෂිත රාජපක්ෂ විදෙස් ගතව සිටින බවත් නෙවෙල් වන්නිආරච්චි පෞද්ගලික සංචාරක නිරත වන බවත්ය.
මොවුන් CID යට කැඳවා තිබුනේ, මුල්‍ය විශුද්ධි කරන පනත යටතේ අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළවයි.
You may like this video