ජනපතිගෙන් අවුරුදු තෑගී - ලැබෙන්නෙ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..(PHOTO)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහන හෙට (13) දිනයේ සිදු කිරීමට නියමිත ය.
මෙය සිදු කෙරෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි.
නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටින සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙනුයි මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් 10,000කට අධික පිරිසක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමට නියමිතයි.
එම නිවේදනය පහතින්,
