අද ඩොලරයේ මිල ගණන් මෙන්න

Report

අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 318 දක්වා ඉහළ ගොස් තිබේ.

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත සිකුරාදා රු. 310.50 සිට රු. 311.40 දක්වා සහ රු. 316.25 සිට රු. 317.50 දක්වා ඉහළ ගොස්  ඇත.

NDB බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 311.25 සිට රු. 311.75 දක්වා සහ රු. 317.75 සිට රු. 318.25 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 310.88 සිට රු. 311.37 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 317.74 සිට රු. 318.24 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රත්තරන් ගන්න කලින් අද රන්මිල දැනගෙන ඉන්න - මෙන්න අලුත්ම මිල

රත්තරන් ගන්න කලින් අද රන්මිල දැනගෙන ඉන්න - මෙන්න අලුත්ම මිල

මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 309.08 සිට රු. 309.57 දක්වා සහ රු. 317.50 සිට රු. 318 දක්වා ඉහළ ගොස් තිබේ.

සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 311.25 සිට රු. 311.75 දක්වා සහ රු. 317.75 සිට රු. 318.25 දක්වා ඉහළ ගොස් තිබේ.