ඩොලර් උඩ යද්දි රුපියල ආයෙත් බිමට - අද බැංකුවල විකුණුම් මිල ගණන් මෙන්න
අද (14) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙන අතර ඇතැම් බැංකුවල විකුණුම් අනුපාතය රුපියල් 341 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.00 සිට රුපියල් 331.75 දක්වා සහ රුපියල් 340.25 සිට රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.40 සිට රුපියල් 331.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.40 සිට රුපියල් 340.75 දක්වා ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.32 සිට රුපියල් 331.66 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.13 සිට රුපියල් 340.48 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම කොමර්ෂල් බැංකුව වාර්තා කරන පරිදි, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 329.55 සිට රුපියල් 330.05 දක්වා සහ රුපියල් 339.50 සිට රුපියල් 340.00 දක්වා ඉහළ ගොස්, සම්පත් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රු. 331.75 සිට රු. 332.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 340.75 සිට රු. 341.00 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
ලංකාවම සලිත කරමින් ආපු අලුත්ම වාර්තාව - ගම්පහ, කොළඹ තත්ත්වය උග්‍ර අතට - මරණ 48 ක් සහ රෝගීන් 70,000ට ළංවෙයි