කව්ද මේ.. අපරාද රැසකට හේතුවූ...ඩොල්පින් චන්දන අත්අඩංගුවට ..!
දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි "ඩොල්පින් චන්දන " නැමැත්තා මාවතගම දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ රැසකින් වරෙන්තු හයක් නිකුත් කර ඇති අතර සැකකරු හෝමාගම වංචා විමර්ශන අංශය ,කොළඹ අපරාධ කොට්ඨාසය ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය , තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය කොළඹ වංචා විමර්ශන අංශය මගින් ,අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පුද්ගලයකු බව පොලිසිය පවසනවා.
සැකකරු කූට ලේඛන සකසමින් වාහන වංචා සිදු කර ඇති බව පොලීසිය පවසනවා කූට ලේඛණ සකසා වාහන වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු පූගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර සිට පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් නොවීම වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.සැකකරු පොල්ගස්සොවිට පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයෙක් වන අතර කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.
