ගෑස් මිළ තවත් ඉහළ යයි... ? ඉදිරියේදි ඇතිවන තත්වය..

Gas gas price dolar essue
By Sithumi Mar 10, 2022 03:19 PM GMT
Sithumi

Sithumi

Report

රට තුළ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. අද (10) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, "රුපියල් තුන්සිය ගාණට තිබුණු ගෑස් මෙට්‍රික් ටොන් එක අද රුපියල් 900 අභිබවා ගිහින් තියෙනවා.

දශක 3කට පස්සේ ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වෙලා." "දැනට ගෑස් මිල වැඩිවෙලා තිබෙනවා වගේම.. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ සත්‍ය තත්ත්වය අපි රටට කියන්න ඕනේ. හංගන්න දෙයක් නෑ."