සැමියාට දැන් ඔබ ආකර්ෂණිය නැති වෙලා වගේද?
ජිවිතයේ විවිධ විවාහ ගැටළු අතර සැමියාගේ ආකර්ෂණය අහිමි ඔබට ලියමි. ඊයේ ඔබ නිවසේ සියලුම වැඩ කටයුතු ඉවර කරලා ඔයා කාමරේ වාඩි වුනා නේද? දරුවන් හොදටම නින්දට වැටිලා. ඔබේ සැමියාත් නිදි. ඔයා ඇදේ පසෙකින් වාඩි වෙලා නිදා සිටින ඔහු දෙස බලා සුසුම් හෙලුවා. ඔහු අවදිව සිටියා නම් ඉස්සර වගේ ඔබට කතා කර කර ඉන්නා තිබුනා කියලා ඔබට සිතුනා.
ඒ අතීතය කොතරම් සුන්දරද? ඔයාගේ අත්දෙකම අල්ල ගෙන ඒ ඇගිලි තඩු වලින් ඔයාව ස්පර්ශ කරමින් ඔයත් එක්ක බොහෝ දේ දෙඩු හැටි ඔයාට මතක් වෙනවා. ඇස් දෙකෙන් එකිනෙකා අල්ල ගෙන සෑම අකුරක් ගානෙම කියපු අතීතයක් ඔයාටත් තිබුනා.
දිගු වෙහෙසකර දවසක් අවසානයේ දෙන්නා එක්කම ගෙදර ඇවිත් තියෙන දෙයක් රත් කරගෙන කාපු හැටි මතකයිද? ඊට පස්සේ ඔයා එයාගේ උකුල මතින් හිස තියාගෙන ඉද්දි එයාගේ ඇගිලී අපුරුවට ඔබේ හිසකෙස් අතර දග කලා. දෙන්නා එක්ක එහෙමම තුරුල් වෙලා මූවී එකක් කොච්චර නම් ආශාවෙන් බැලුවාද?
අන් අයගේ ඇමතුමක් පවා කරදරයක් කියා හිතලා ඔයා දුරකථනය පවා ක්‍රියාවිරහිත කලා. නිදන කාමරයට පවා යන්න හිත නැතිව දෙදෙනාම සෝපාව උඩම ආදරයෙන් හා සරාගයෙන් වෙළිලා හිටියා. ඔබ දෙදෙනා එකිනෙකා වෙනුවෙන් කැපවෙමින් තුරුලේ රැදි සිටින විට එයා මේ ලෝකෙන් දැක්ක ලස්සනම කාන්තාව ඔයා නේද?
නමුත් සියල්ල කණ පිට හැරුනේ ඔබේ කැදැල්ලට දරුවන් එක් වීමත් සමගයි. දරුවන් වටේ ඔබේ ලෝකය ගොඩ නැගෙද්දි ඔබ එකිනෙකා වෙනුවෙන් වේලාවක් ඔබ දෙපළටම නැති වුනා. ඔබ මැදියම් රෑ වෙනකම් ඇහැරිලා ගෙදර වැඩ එක්ක නැහෙද්දි ඔහුත් ඒ වෙනකම්ම අවදිව ඔහුගේ දුරකථනය අස්සේ ජිවත් වුනා.
ඔයා තවදුරටත් මේ ගැන කතා කරන්නේ නැහැ. ගර්භණීභාවය හා මාතෘත්වය වෙනුවෙන් කැප වු ඔයාගේ සිරුර වෙත ඔහුගේ ඇස් ඇදෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඔහු ඔබට ආකර්ෂණය වෙන්නේ නැහැ කියලා ඔබට විශ්වාසයි.
විවාහ ගැටළු හිත පෙලන අතීත මතක
ඔයා එයා දිහා බලාගෙන අතීතයට පිය මනිද්දි ඔයාගේ ඇස් කදුළින් බර වෙනවා මට පේනවා. ඒත් ඔහුට ඔබේ කදුළු පෙනෙන්නේ නැහැ. ඔබ කලින් මෙන් ඔහුගේ ස්පර්ශයට ලොබ බැද ඔබ හෙලන මෘදු සුසුම් ඔහුට ඇහෙන්නේ නැහැ. නමුත් මට ඒ දුක තේරෙනවා. මෙන්න මේ දේ නම් මට ඔබට කියන්න අවශ්‍ය වෙනවා.
ඔබ හරිම ශක්තිමත්. ඔහුගේ දරුවන් ඔබ කුස තුල හදාගත්තා. ඔබේ ලෙයින් ඒ දරුවන් පෝෂණය කරමින් රැකබලා ගත්තා. දරාගත නොහැකි වේදනාවන් දරා ගනිමින් ඔවුන්ව මෙලොවට බිහි කළා. පියයුරු වලින් ඔවුන් පෝෂණය කරමින් දෑතින් ඔවුන් සුරක්ෂිත කරමින් හඩින් ඔවුන් සුවපහසුකරමින් රැකබලා ගත්තේ වෙන කවුරුත් නොව ඔබවයි. ඔව් ශක්තිමත් ඔබයි.
ඔබ ඔබේ පවුලේ ආරක්ෂක පවුරයි.
ඔබේ පවුලට හානියක් කිරීමට යමෙකු උත්සාහ කළහොත්, ඔබ ඔවුන්ව එක් ක්ෂණයකින් විනාශ කරන බව ඔබ දන්නවා. ඔබේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔබේ ජිවිතය පවා කැප කරන්න සුදානම්. ඔබ ඔවුන් වෙනුවෙන් මියයන්න වුවත් සුදානම්. ඔබ මානුෂිකත්වයෙන් ඉහළයි.
එහෙත්, ඔබ මෘදු යි. එක බැල්මකින්, ස්පර්ශයකින්,එක මිමිණිමකින් සැනසීම ලබා දිය හැකි බලය ඔබට තියෙනවා. ඔබේ ගර්භාෂයේ තුල සිටින ඔබේ දරුවන්ට සුරක්ෂිතතාවයේ හැගීමක් දුන් ඔබේ හද ගැස්ම ඉපදුන පසුවත් ඔවුන්ට සැනසීම ලබා දෙනවා. ඔබේ පපුවට ඔවුන්ගේ කම්මුල් තබන විට ඔවුන් සැනසෙන්නේ ඒ නිසයි.
ඔබ ඉස්තරම් කෙනෙක්. අතීතයේ මතක සටහන් ඔබේ මුවට එක්කරන අලංකාර සිනහව, ඔබේ දෑස් ආලෝකමත් වන ආකාරය සහ ඔබේ දියණියන්ගේ සිගිති වැඩ, ඔබ ඔබේ පවුල දෙස බලා සිටින විට ඔබේ හදවතේ ඇති වෙන ආඩම්බරය යන සියල්ල ඔබ සමගයි ඔබ මවක් සහ බිරිඳක් වීමට පෙර කාන්තාවක් බව ඔහුට මතක් කරන්න. ඔබ තුල සිටි ඒ ගැහැණු ළමයා දැන් පරිණතයි.
ඔබේ සැමියා සමග තෘප්තිමත් වු කාලය සිහි ගැන්වෙන විට ඔබේ ඇස් මත ඇදෙන ආශාව, ඔබේ පිරුනු ඉගටිය ක්ෂයවීම, ඔබේ පියයරු විසල් වීම, ඔබේ සිරුරේ රැලි වැටීම් සියල්ල එක්කම ඔබ තාමත් ලස්සනයි.