සතුටුදායක ආරංචියක් - මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය වර්ජනය අවසන් වෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මඟින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22) දින දහවල් 2කට අවසන් කර තිබෙනවා.
ඒ අනුව අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති හේතුවෙන් ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණු බව සඳහන්.
එබැවින් මේ වනවිට චෝදනාවන්ට ලක්වූ එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීම නිසා ඔවුන් මෙසේ වර්ජනය අවසන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට ආරම්භ කරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙයි.