අද වෛද්‍යවරු විරෝධතාවයක.
Sri Lanka
GMOA Sri Lanka
Strike Sri Lanka
By Hashini
අද (11) දිනයේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසන්නේ නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවට පැමිණිලි කළ බවයි.
