කැනඩාවට යවන බව පවසා කෝටි ගණනක මුදල් කොල්ල කෑ දොස්තර. - (VIDEO)

By Wayomi Nov 29, 2024 09:57 AM GMT
Report

කැනඩාවේ සේවයට යවන බව පවසා රුපියල් කෝටි හතක් වංචා කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය ආනන්ද අබේරත්නට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දිලින ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සැකකරුට එරෙහිව පැමිණිලි සියයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවට කොළඹ වංචා විමර්ශන අංශය ඉදිරිපත් කළ වාර්තාවකට අනුව අගවිනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වෛද්‍යවරයාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී විනිසුරුවරයා පවසා ඇත්තේ, මහජනතාවගෙන් ලැබුණු මුදල් සියල්ල ගෙවීමෙන් පසු ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.

එමෙන්ම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමර්ශන ඒකකයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද විනිසුරුවරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබුනා.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

එසේම මෙම සිද්ධියට අදාළව ජා ඇළ ප්‍රදේශයේ ශ්‍රීයානි මනම්පේරි නමැති නීතිඥවරියද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇයට අධිකරණයෙන් ඇප නියම විය.

ඒ අනුව අදාළ සැකකරු වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක මහතා අධිකරණයේ පෙනී සිටි බව ද වාර්තා වෙනවා.