රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවයි..!

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 19, 2023 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආන්දෝලනාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් සිදුකල වැඩ තහනමට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

රුහුල් හක් විසින් කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකල වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කර තිබුනා.

ඔහු එම පරීක්ෂණ සිදු කර තිබුනේ වෛද්‍ය සභාව විසින් මොහුගේ වැඩ තහනම් කර තිබියදී. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මොහුගේ වැඩ තහනම් කර ඇති බවයි 

ReeCha