ඔබත් පරිස්සමෙන්.. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට.. හේතුව මෙන්න..

By Sithumi Feb 14, 2022 02:23 PM GMT
Sithumi

Sithumi

Report

වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටිමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14) පස්වරුවේ එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ නිවසක සිට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රොගීන්ට ප්‍රතිකාර ද සිදු කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අතරතුර තරුණයන්ට මෙලෙස මත්පෙති අලෙවි කර ඇත.

එම අවස්ථාවේ දී ඔහු සතුව තිබී මත්පෙති 338 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්පෙති ලබා ගැනීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ සැකකරු හැටන් කොටගල ප්‍රදේශයේ ඖෂධ වෙළෙඳසැලක සේවය කරන සේවකයෙකු බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දිඹුල පතන පොලීසිය වෙත භාර දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now