මුළු රටම සංවේදී කරමින් බිරිඳ සහ කුඩා පුතු තනිකර ජීවිතයෙන් සමුගත් තරුණ වෛද්‍යවරයා (PHOTOS)

Sri Lanka
By Sithumi Jul 14, 2022 04:20 PM GMT
Sithumi

Sithumi

Report

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හාලිඇල පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසූරිය නැමති 30 හැවිරිදි වියේ පසු වූ වෛද්‍යවරයෙකි.

නිව්මෝනියා තත්ත්වයක් සමඟ රුධිරයට විෂබීජයක් යාමෙන් ඇති වූ කම්පන තත්වයෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී. මියගිය වෛද්‍යවරයා එක්දරු පියෙකි.

ඔහු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ඇති අතර සති කිහිපයකට පෙර ඉන්‍ෆ්ලුවන්සා රෝගය ද වැළඳී සිටි බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබිණි. දින කිහිපයක් පෙට්‍රල් පෝළිම්වල ද රැඳී සිට ඇති වෛද්‍යවරයා තම කාරයේ තිබූ පෙට්‍රල් යතුරුපැදියට ගැනීම සඳහා බටයක් යොදා කටින් පෙට්‍රල් ඇද ඇති බව ද ඥාතීන් පවසා ඇත. ඉන් පසු රෝගී ව නිව්මෝනියා තත්වයට පත්වූ ඔහු පේරාදෙණිය රෝහලට ඇතුලත්කර ඇත. පසුව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එක්මෝ ප්‍රතිකාර සඳහා පසුගිය 11 වැනි දා කරාපිටිය රෝහලට මාරුකර එවා තිබිණි. අද (14) උදෑසන ඔහු මියගියේය

. මියගිය වෛද්‍යවරයාගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලදී. .

ඔහුගේ  බිරිඳද වෛද්‍යවරියක් වන අතර ඇය අද සංවේදී සටහනක් සැමියා පිළිබඳ ව තබා තිබුණා .

එම සටහන පහතින් 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery