ඔබට ඔබ ගැන ආත්ම විශ්වාසයක් තියනවද?
විශ්වාසය පැමිණෙන්නේ සෑම විට ම නිවැරැදි වීමෙන් නොව, වැරදි යැයි බිය නොවීමෙනි." -
පීටර් ටී. මැකින්ටයර් -
සමාජ මාධ්‍යයේ දරුවෙකු තමන්ගේ පාසලේ විදුහල්පතිනිය අතින් සිදු වූ අසාධාරණයට විරුද්ධව කතා කරනවා. ඒ කතාව මේ වෙද්දී බොහෝ ජනප්‍රිය වෙලයි තියෙන්න .
ඉතිං ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි ආත්ම විශ්වාසය .
ඉතිං ඔබට ඔබ ගැන විශ්වාසයක් තියනවද? ආත්ම විශ්වාසය කියලා කෙටියෙන්ම හදුන්වන්න පුළුවන් වෙන්නේ තම හැකියාවන්, විනිශ්චයන් කෙරෙහි විශ්වාසය තැබීම හා එදිනෙදා පැමිණෙන අභියෝග සහ ඉල්ලීම් වලට සාර්ථකව මුහුණ දිය හැකි යැයි විශ්වාස කිරීම යි.
එයට හොදම උදාහරණය තමයි මම මුලින්ම කියපු අර තම හැකියාවන් වෙනුවෙන් කතා කරපු අපූරු ගෑණු ළමයා ඇය තමන් දක්වපු දක්ෂතා ගැන කතා කරන්නේ මහත් අභිමානයෙන් . මනා පෞර්ෂයකින් . තමන්ට තමගේ දක්ෂතා වලට ඇගයීමක් නොලබද්දී අසාධාරණයක් සිදුවෙද්දී ඒ වෙනුවෙන් පෙනී ඉන්න ශක්තිය තියෙන්න ඕනේ . ජීවිතේ දිනන්න තමන්ටම ශක්තිය තියන්න ඕනෙ සතුටින් ජීවත් වෙන්නනම් ආත්ම විශ්වාසයෙන් ජීවත් වෙන්න ඕනේ. එය ඔබගේ වඩාත් හොඳ සෞඛ්‍යය තත්ත්වයක් මෙන් ම යහපත් සමාජ ජීවිතයකට ද හේතු වෙනවා.
ඒ වගේම ඔයා හිතනවානම් ඔයාට අනේ මට මේ දේ කරන්න බැහැ කියලා ඔබ ට ඒ දේ කරන්න බැහැ. අන්න ඒ නිසයි කියන්නේ ඔබට කළ හැකියි කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ඔබට එය කළ හැකියි.

ඒ වගේම ඔයාට ඉහළ ආත්ම විශ්වාසයක් තියනවානම් අප ව අභිප්‍රේරණය කරන අතර අභියෝග හමුවේ ඇති වන බිය , ස්වාභාවය හා මානසික අවපීඩනය මග හරවන නිසා ඕනෑම අභියෝගයකට ශක්තිමත් ව මුහුණ දෙන්න ඔයාට පුළුවන්.
තවද ඔයාගෙ ඉහළ ආත්ම විශ්වාසය හින්දා තමන් අන් අයත් සමග සංසන්දනය කිරීම සිදු නොවන බවයි. ඒ වගේම ආත්ම අභිමානය වර්ධනය වන නිසා එය අව්‍යාජ සමාජ සම්බන්ධතාවන් ගොඩ නගා ගැනීමටයි. තවද එය සමාජයේ යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතාවන්ට හේතුවක් වෙනවා.ඒ ඔස්සේ තම ධනාත්මක ප්‍රතිරූපය වර්ධනය කොට ගැනීමේ අවස්ථාව හිමි වේ.
.ඒ වගේම ඔබේ විශ්වාසය දුර්වල කරන දේවල් වලට මුහුණ දීම ඔස්සේ බිය මැඩ පැවැත්වීමටත් කටයුතු කරන්න ඕනේ. ඔබ තැවෙනවා ඇති ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා ඉතිං එහෙම හිතෙද්දී හිතන්න ඕනේ මට වඩා ප්‍රශ්න තියන අය කොච්චර ඉන්නවද කියලා.
කොහොම හරි ජීවිතේ දිනන්නයි අධිෂ්ඨාන කර ගන්න ඕනේ.. අසාර්ථක වීම අවසානය යැයි නොසිතා එය පන්නරයක් කොට ගැනීමෙන් ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්න පුළුවන් .
ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්නා නම්, තම ජයග්‍රහණ, ශක්තීන් සහ කුසලතා තමා විසින් ම තහවුරු කර ගන්න ඕනේ. ඒ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතිං ආත්ම විශ්වාසය වැඩි කර ගන්න නම් පෙනුම, ශරීර ඉරියව් හා ඇඳුම් විලාසිතා යන දේවල් ගැනත් ඔයා හිතන්න ඕනෙ.

ඉතිං ලස්සනට ඉන්න .ඔබ ඔබටම ආදරය කරන තරමට ඔබේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන ඔබට ජීවිතය දිනන්නට පුළුවන්. ඔබේ ජීවිතේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී ආත්ම විශ්වාසය අනිවාර්‍ය දෙයක් වෙනවා.
මතක තියා ගන්න ජීවිතේ අත්දැකීම් තුළින් පරිපූර්ණ වූ ජීවිතයකට ළඟා වීමට නම් අන් කිසිම දේකටත් වඩා ඔබේ ආත්ම විශ්වාසය වටිනවා එය ඔබේ සාර්ථකත්වයේ රහසයි. ඉතිං ඔබත් අද ඉදන් ඔව් මට පුළුවන් කියලා හිතලා ආත්ම විශ්වාසයෙන් ජීවත් වෙන්න.
යහපත් අරමුණු ගැන හිතන්න . ඔබට නිසැකවම ඔබේ ජීවිතේ සාර්ථකත්වයට මග කියාවී... අද ඉදන් වෙනස් වෙමු.