රේගුවේ නිශ්කාෂනය වෙන්නත් කලින්ම ලියාපදිංචිය දීලා.. පරම අයිතිය වෙනස් කර පවරා ගන්න හොදටම උදව් කරපු ලොක්කෙක් මාට්ටු..

Sri Lanka Bribery Commission Sri Lanka Department of Motor Vehicles
By Piyumika Feb 06, 2025 01:12 PM GMT
Piyumika

Piyumika

Report

මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත.

විරෝධතාවක් හේතුවෙන් මාර්ගයක් වසා දැමීමෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක්....

විරෝධතාවක් හේතුවෙන් මාර්ගයක් වසා දැමීමෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක්....

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ රාජකාරි සිදුකළ මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති අයෙක් බවයි.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව, ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම නීතිවිරෝධී ලියාපදිංචි කිරීම පිළිබඳ කරුණු හෙළි වී ඇත.

ඒ අනුව සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැර ඇත.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට...

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට...

ඊට අමතරව මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයාට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

මෙම සැකකරු විසින් බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරා ගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවකට අදාළව සිදු කරන ලද වැටලීමක ද පසුගිය වසරේ ඔක්තෝබර් මස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධ විමර්ශන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබේ.  

You may like this video

ReeCha