ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයෙකු අත්අඩංගුවට

Arrest
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Report

ලිංගික අතරවරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ.

කිරිඇල්ල ප්‍රාදේශීය කාර්යාලයේ, ප්‍රාදේශිය ළමා ආරක්ෂණ නිලධාරිනියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇති බවය.

ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනිය විසින් පසුගිය 15 වන දා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරිඇල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.