දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්.(PHOTOS)

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Dec 21, 2023 03:13 AM GMT
Aruna

Aruna

Report

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්.(PHOTOS) | Disruption To The Train Running On Th Upland Route

ඒ "ටිකිරි මැණිකේ" දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්.(PHOTOS) | Disruption To The Train Running On Th Upland Route

මේ අතර, නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කළ කාර්යාල දුම්රියක් ද නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී පීලි පැනීමට ලක් වුණා.

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්.(PHOTOS) | Disruption To The Train Running On Th Upland Route

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණි බවයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පැවසුවේ.

නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (20) පස්වරු 4.30 ට පමණ මෙම දුම්රිය පීලි පැන තිබුණා.

Gallery
ReeCha