සුරඟනක් වගේ හැඩකාර ඩිෂ්නි පියාගේ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

Sri lanka Gossip gossip lanka
By Sithumi Nov 20, 2021 06:15 PM GMT
Sithumi

Sithumi

Report

විශාල ප්රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් රියැලිටි තරගාවලියක් තමයි හිරු මෙගා ස්ටාර්ස් කියලා කියන්නේ. පවතින වසංගත කාලය නිසාවෙන් බොහෝ ජනතාවගේ හිත සුව පිණිස වගේම මානසික නිදහස වෙනුවෙන් මෙම වැඩසටහන බොහෝදෙනෙකුට ආශ්වාදයක් සැපයුවා. 

තරගකරුවන් විශාල පිරිසක් අතර අවසාන මහා තරගයට ඉදිරිපත් වන්නේ ජනප්රිය නර්තන තරු හතරක් පමණයි. ඒ නර්තන තරු අතරෙන් අවසාන කිරුළ දිනාගැනීමට සමත් වන්නේ ඩිස්නි රාජපක්ෂ කියන ආදරණීය රංගන ශිල්පිනි. ඉතින් මෙගා ස්ටාර් වේදිකාව තුළ ඇයගේඑ පෙම්වතා ගැන කතා කළ නිසා බොහෝ දෙනා ඇයගේ පෙම්වතා ගැන හොයල බලන්නට වුණා


.ඉතින් ඇය නුදුරේදිම ඒ පිළිබඳව මාධ්යට කරුණු කියනවා කියල තමයි සඳහන් කරන්නේ.ඒ අතර ඇය තවදුරටත් පවසන්නේ ඇයගේ සම්බන්ධයට වසර හයක් පමණ වන බව. කුඩා කාලයේ පටන් බොහෝ ළඟින් ආශ්රය කළ ඇය හොඳින් දන්න කියන කෙනෙක් සමග තමයි ඇයගේ සම්බන්ධතාවය පවතින්නේ කියලත් ඇය කියනවා.. කොහොම උනත් පොඩි කාලයේ පටන් දැන සිටියත් බොහෝ කලකට පසුව තමයි ඔවුන්ගේ ආදරය ප්රකාශ කරල තිබෙන්නේ. 

ඉතින් පෙම්වතෙක් සිටියත් ඔවුන් විවාහ වෙන්නට නම් තාම බලාපොරොත්තුවක් නැති බවත් ඇය කියනවා. ඉතින් මේ නර්තන තරුවගේ පියාගේ උපන් දිනය පසුගිය දවසක යෙදිලා තිබුණ කියල තමයි අපට ආරංචි වෙන්නේ. 

ඉතින් ඇය ඇගේ පියාගේ උපන් දිනය දවසේ පවුලේ අයත් සමඟ සම්බන්ධ වෙලා පොඩි සාදයක් පවත්වා තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ හා සමගාමී ඡායාරූපත් ඇගේ සමාජ මාධ්ය ජාලා ගිණුම් වල උඩුගත කරන්නටත් ඇය අමතක කරල තිබුනෙ නැහැ. 

ඉතින් මේ නිසාම ඇයගේ පියාට ක්ෂේත්රයේ බොහෝ දෙනා වගේම ඇයට ආදරය කරන ගොඩක් ලොකු ප්රේක්ෂක ජනතාවක් සුබපැතුම් එකතු කරලා තිබුණා. කොහොම වුණත් අවසාන වශයෙන් ඩිස්නි ගේ පියාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන්ම ඇයගේ නර්ථන කටයුතුත් රංගන කටයුතුත් වෙනුවෙන් බොහොම ඉහළින් සාර්ථක වෙන්න කියලා ආදරයෙන් සුබ ප්රාර්ථනා කරනවා

GalleryGalleryGalleryGalleryGalleryGallery