මැකාති කතානායක ධූරයෙන් නෙරපා හරී.

United States of America World
By Hashini Oct 04, 2023 02:59 AM GMT
Hashini

Hashini

Report

ඇමරිකාවේ කථානායක එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමකින් පසුවයි ඔහු එම ධූරයෙන් නෙරපා හැර ඇත්තේ.

මෙලෙස ඉවත් කරනු ලැබුවේ රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාති කථානායකවරයායි.

මැකාති ධූරයෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස 216ක් වන අතර පක්ෂව ඡන්දය දුන් ගණන 210 වන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිටින ඩිමොක්‍රටික් සාමාජිකයන් සියලු දෙනා මකාතිට එරෙහිව ඡන්දය ලබා දී තිබෙනවා.

ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයකින් ඉවත් කළ පළමු කථානායකවරයා මැකාති වනවා.  

ReeCha