රටේ ලුනු නැති වෙනවා කියන්නේ රටට අපලයක්..

Sri Lanka Sinhala news
By Akash May 21, 2025 09:31 AM GMT
Akash

Akash

Report

වැස්ස නිසා ලුනු නැතිවු බව කිම පිලිගත නොහැකි බවත් මෙයට පෙරද වැසි පතිතවුවත් ලුනු නැති වුනේ නැති බව සමස්ථ ලංකා ජනතා ප්‍රගතිශීලි පෙරමුණ මහ ලේකම් රාජ් ප්‍රසාද් මහතා පවසයි.

හැටන්හි පිහිටි එම පෙරමුණ කාර්යාලයේදි මේ බව පැවසු රාජ් ප්‍රසාද් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ‘මේ වන විට මේ රට තුල ලුනු හිගයක් පවතිනවා මෙයට රජය පවසන්නේ වැසි හේතුවෙන් ලුනු නැතිවු බවයි මෙයට පෙර වැසි වැස්සේ නැද්ද එත් ලුනු නැතිවුනේ නැහැ ගෙදරක ලුනු නැති වෙනවා කියන්නේ ඒ ගෙදරට අපලයක් බවත් පැවසෙනවා රටේ ලුනු නැති වෙනවා කියන්නේ රටට අපලයක්ද කියා සැකයක්ද මතු වෙනවා.

මේ වන විට මෙම ප්‍රදේශයේ ලුනු ක්‍රිලෝවක් රුපියල් 350ක් පමන වෙනවා කොළඹ පැත්තේ 400ක් පමන වෙනවලු මේ ලුනු මිල වැඩි විමත් සමග හෝටල්වල බේකරිවල නිස්පාදනද ඉහල යාමේ අවදානමක් පවතිනවා. එමෙන්ම මේ රටේ අහිංසක ජනතාවද විවිධ දුෂ්කරථාවයන්ට පත් වෙනවා මොකද අද බඩු මිල දිනෙන් දින ඉහල යනවා එසේ තිබියදි ලුනු මිලද මෙසේ ඉහල යාමත් සමග ප්‍රශ්නය තවත් ඉහල යාමකුයි සිදු වන්නේ එමෙන්ම හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමහර කඩවල ලුනු ගන්නත් නැහැ.

අපිට මතකයි මෙයට පෙර රටේ කහා නැතිවු විට පැවති තත්වය මේ රජය පත්වුනදා සිටම කරන්නේ බොරුව උගන්ඩාවේ සගවපු සල්ලි ගේනවා කිවා එය තවමත් නැහැ පසු ගිය පාස්කු දිනයට පෙර එයට වගකිව යුතු අය හෙලි කරනවා කිවා එයත් තවම නැහැ මේ මාස ගානම විවිධ බොරු තමයි මේ අය පවසන්නේ.

එමෙන්ම අද වන විට පාතාලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා මේ මාස කිපය තුල මේ පාතාලය හේතුවෙන් කී දෙනකු මිය ගියාද මේ පිලිබදවත් මේ රජය දැඩි අවදානයක් යොමු කල යුතු මොකද අද බොහෝ පිරිසක් බයෙන් ජිවත් වෙන්නේ’   

ReeCha