මුළු ලංකාවට බලපෑ දරුණු තත්ත්වය හමුවේ ආපදා මරණ 8ක්

Report

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (04) පස්වරුවේ එම මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56කට අයත් පවුල් 3,014ක පුද්ගලයින් 11,832 දෙනෙකු විවිධ මට්ටමින් බලපෑමට ලක්ව සිටිති.

සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න

සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න

එමෙන්ම මෙම ආපදා තත්ත්වය නිසා තවත් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව, අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පූර්ණ නිවාස හානියක් 01ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බව ද අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එල් නිනෝ තත්ත්වයත් සමඟ එන නිරිතදිග මෝසම සමඟ ජනගහනයෙන් 250,000කට ආසන්න පිරිසකට සිදුවෙන දේ මෙන්න

එල් නිනෝ තත්ත්වයත් සමඟ එන නිරිතදිග මෝසම සමඟ ජනගහනයෙන් 250,000කට ආසන්න පිරිසකට සිදුවෙන දේ මෙන්න