එල් නිනෝ තත්ත්වයත් සමඟ එන නිරිතදිග මෝසම සමඟ ජනගහනයෙන් 250,000කට ආසන්න පිරිසකට සිදුවෙන දේ මෙන්න
එල් නිනෝ තත්ත්වයත් සමඟ වර්ධනය වන නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් මෙරට ජනගහනයෙන් 250,000කට ආසන්න පිරිසක් දැඩි අවදානමකට ලක්විය හැකි බවට රජය ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එමෙන්ම වර්ධනය වන මෙම මෝසම් තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් ජනතාව 150,000ක්වත් සෘජු අවදානමකට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
සියලුම ප්‍රවාහන සේවාවන්ට හදිසියේ නව පරීක්ෂණ ක්‍රමවේදයක් - අදාළ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයකුත්
කෙසේ වෙතත්, මෙලෙස ගොඩනැඟෙමින් පවතින ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා රජය හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක් මෙතෙක් ජාත්‍යන්තර ආධාර ඉල්ලා නොමැති බව ද රතු කුරුස සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
වත්මන් සෘතුමය කාලගුණික අනාවැකි සහ කලාපීය දේශගුණික පුරෝකථනවලට අනුව, මෙවර නිරිතදිග මෝසම් සමයේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ සාමාන්‍යයට ආසන්න හෝ ඊට තරමක් අඩු වර්ෂාපතනයකි.
එසේ වුවද, දිවයිනේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැසි ලැබෙන ආකාරය සහ එහි තීව්‍රතාව වෙනස් විය හැකි බැවින් අවදානම් තත්ත්වයන් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් පසුවීම වැදගත් වන බව ද එම වාර්තාවේ සපයා ඇති දත්ත මඟින් පෙන්වා දී තිබේ.