අධිවේගී යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් - නවතම ගැසට් නිවේනයක්

Report

අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ආසන පටි සවි කිරීම සඳහා වාහන නිෂ්පාදකයින්ට ලබාදී තිබූ සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

කර්මාන්ත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ගත් මෙම තීරණය අනුව, මෝටර් වාහන පනත යටතේ නිකුත් කළ 2011 අංක 2 දරන මෝටර් රථ (අධිවේගී මාර්ග) නියෝගයට සංශෝධනයක් සිදු කර ඇත.

  එම නියෝගය අනුව අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම මගීන් සඳහා ආසන පටි අනිවාර්ය වන අතර, ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කිරීමේ මූලික සහන කාලය 2026 ජුනි 19 දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

සියලුම ප්‍රවාහන සේවාවන්ට හදිසියේ නව පරීක්ෂණ ක්‍රමවේදයක් - අදාළ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයකුත්

සියලුම ප්‍රවාහන සේවාවන්ට හදිසියේ නව පරීක්ෂණ ක්‍රමවේදයක් - අදාළ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයකුත්

කෙසේ වෙතත්, නිෂ්පාදකයින්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, 2026 ජුනි 17 දිනැති අංක 2493/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් එම සහන කාලය 2026 සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කර ඇත.

අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබේ.