ලංකාවටයි ඉන්දියාවටයි අතිශයින්ම වැදගත් ටෙස්ට් තරග දෙකක් - ඉන්දීය ටෙස්ට් කණ්ඩායමත් ලංකාවට එයි
2025-2027 ලෝක ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද(04) සවස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
ඒ අනුව මෙහි පළමු තරගය ලබන 15 සිට 19 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එසේම මෙහි දෙවන තරගය ලබන 23 සිට 27 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් දෙරටටම මෙම ටෙස්ට් තරග දෙක අතිශයින්ම වැදගත් වන්නේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව 05වන ස්ථානයේත්, ශ්‍රී ලංකාව 06වන ස්ථානයේත් පසු වන බැවිනි.
ඒ අනුව මෙම ටෙස්ට් තරග දෙකට සූදානම් වීම සඳහා 07 සිට 10 දින දක්වා කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගනයේ දී පෙරහුරු තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර ඇත.