මුළු ලෝකෙටම සුබ ආරංචියක් - හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට විශේෂ ගිවිසුමක්
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන සුවිශේෂී ගිවිසුමකට එළඹීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
අද (04) හෝ හෙට (05) දිනය ඇතුළත දෙපාර්ශ්වය අතර අදාළ අවසාන එකඟතාවකට පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) සඳහන් කර තිබේ.
සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න
මෙම ඓතිහාසික ගිවිසුම හරහා හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු මාර්ගයේ නාවික ගමනාගමන නිදහස සහ ආරක්ෂාව නැවත තහවුරු කිරීමට නියමිතව ඇත.
එමඟින් වර්තමාන ලෝක බලශක්ති වෙළඳපොළේ පවතින දැඩි නොසන්සුන්තාවය ලිහිල් කර ගැනීමටත්, ගෝලීය වශයෙන් බොරතෙල් මිල ඉහළ යාමේ අවදානම පාලනය කර ගැනීමටත් හැකිවනු ඇතැයි ද ආර්ථික විශ්ලේෂකයෝ බලාපොරොත්තු පළ කරති.