පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට වැඩ වරදියි - වහාම පරීක්ෂණයක් පවත්වන්න නියෝගයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCID) උපදෙස් ලබා දී තිබේ.
ඊයේ දිනයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා චෝදනා කළේ වත්මන් රජය විසින් පොලීසිය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් කර ඇති බවයි.
සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න
තවද මින් පෙර සිටි හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුටම වර්තමාන රජය යටතේ ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පැවසූ ඒ මහතා, රජයට සේවය කිරීම නවත්වා ජනතාවට සේවය කරන ලෙසත්, එසේ නොවුණහොත් මහා මාර්ගයේදී මහජනතාවගෙන් පහර කා මියයන 37 වැනි පොලිස්පතිවරයා බවට වත්මන් පොලිස්පතිවරයා පත්වනු ඇති බවටත් බරපතළ ප්‍රකාශයක් කර තිබුණි.
එම ප්‍රකාශය පදනම් කරගනිමින් පොලිස්පතිවරයාගේ නියෝග මත මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව, සිදුකළ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඉදිරි දිනකදී මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.