ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි
දිවයින පුරා එකතු වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන ලෙස විධිමත්ව එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා ක්‍රියාත්මක "ඊ-කුණු" (e-Kunu) වැඩසටහන නව මුහුණුවරකින් යළි ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පෞද්ගලික අංශයේ සන්නිවේදන ආයතනය අතර අත්සන් තැබීම මධ්‍යම පරිසර අධිකාරී පරිශ්‍රයේදී සිදු ව ඇත.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ ජංගම දුරකථන, ලැප්ටොප්, චාජර්, වයර්, ලිතියම් අයන් බැටරි, සාමාන්‍ය බැටරි, ටෝනර්, හාඩ්ඩිස්ක්, සීඩී/ඩීවීඩී තැටි, රවුටර සහ ස්ථාවර දුරකථන ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් රට පුරා පිහිටි අදාළ සේවා ආයතනයේ ශාඛා වෙත ගෙනැවිත් භාර දිය හැකි බව සඳහන්.
අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්
"ග්ලෝබල් ඊ-වේස්ට් මොනිටර් 2024" වාර්තාවට අනුව පසුගිය 2022 වසරේදී ගෝලීයව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 62ක් ජනනය වී තිබෙනවා.
එසේම ඉන් නිසි ප්‍රතිචක්‍රීකරණයට යොමුව ඇත්තේ 22.3%ක් වැනි අඩු ප්‍රමාණයක්.
එබැවින් මෙම අපද්‍රව්‍ය විධිමත්ව බැහැර නොකිරීමෙන් රසදිය, ඊයම් සහ කැඩ්මියම් වැනි විෂ රසායනික ද්‍රව්‍ය පසට සහ ජලයට එකතු වී මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසර පද්ධතියටද දැඩි හානි පමුණුවන බව සඳහන්.
මේ හේතුවෙන් නිවසේ හෝ කාර්යාලයේ ඇති භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික උපකරණ පරිසරයට මුදා නොහැර, ළඟම ඇති නියමිත එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාරදී පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන්.