මාර්ග 95 ක පමණක් තවදුරටත් බාධා පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

Report

මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටම පත්වූ ආපදා තත්ත්වයයෙන් ගමනාගමනය අවහිර වූ මාර්ග අතර තවදුරටත් බාධා පවතින්නේ මාර්ග 95 ක පමණක් බවයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කළේ එම මාර්ගවලද බාධා ඉදිරි දින කිහිපය ඇතුළත ඉවත් කරන බවයි.

ගංවතුර හා නායයෑම්වලින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 256 කට හානි සිදුවිය.

ඒ වගේම අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් ඇතුළු නිලධාරීන් යොදවා මාර්ගවල බාධා ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බව විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කරයි.

තව ද එතුමා සදහන් කළේ ප්‍රධාන නගර සියල්ලකටම මේ වනවිට මාර්ග පහසුකම් ලබා දී ඇති බවයි.

 ඒ වගේම  කඩුගන්නාව  ප්‍රදේශයෙන්   අවහිර වී තිබූ කොළඹ නුවර මාර්ගය අද යළි විවෘත කරන බවත් රටතුළ පැවති ආපදා තත්වයෙන් පාලම් 20 ක් ද කැඩී ගොස් ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කර තිබේ.