ඔබත් ආපදාවෙන් පීඩාවට ළක්ව මානසිකව තැවෙන කෙනෙක්ද?
ඔබත් මේ වන විට අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් මතුවූ ආපදා නිසා පීඩාවට පත්ව මානසිකව බිද වැටුණු කෙනෙක් වෙන්නට පුළුවනි . මෙම දිත්වා කුණාටුව නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ සමීපතමයන් අහිමි වුණා. සමහර සිදුවීම් ඇසට කදුළක් වුණන සිදුවීම් .මොකද ජීවිතේ තමන් ආදරය කරන ප්‍රධානම දෙන්න අම්මා සහ තාත්තා ඉතිං මේ අම්මා හෝ තාත්තා එහෙමත් නැත්නම් දෙන්නම අහිමි වුණ අය අසන්නට ලැබුණා .ඔවුන් ඉදිරියට කෝමද මුහුණ දෙන්නේ. ජීවිතේ තමන්ගේ එකම හව්හරණ තමන්ට නෑ කියලා හිතද්දී ඒ හිත් කොයිතරම් නම් පිච්චෙනවා ඇතිද ?
ඒත් අපි හිතන දේවල් වෙන්නේ නැහැනේ. ජීවිතේ සමහර අවස්තාවල ඔබ නොහිතන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. තමන් ආදරය කරන අය නැතිව ජීවිතේ ජීවත් වෙන්න වෙන වෙලාවල් වෙනව. ඔබට ඔබෙ අම්මා , තාත්තා, බිරිද ස්වාමියා මේ විදිහට ජීවිතේ තමන් ආදරය කරන අය සේරම නැති වුණත් ඔබ ජීවිතේඑ ඉදිරියට යන්න ඕනේ ඒක තමා ඇත්ත.

ඒ නිසා මානසිකව වැටිලනම් බැහැ.මොකද ඒ බොහෝ දෙනෙක්ගේ ජීවිත අහිමි වෙද්දී ඔබේ ජීවිතය බේරිලා තියෙන්නෙ ඔබ කරපු පෙර පිනක් නිසා වෙන්න පුළුවන් . එ ගැන හිතලා සතුටු වෙන්න. ඒ වගේම දැන් ඉදන් ඉදිරියට මම මොනවද කරන්නේ කියලා හිතන්න. ඉගන ගන්න කෙනෙක් නම් ඒ දේ මට කවුරුත් නෑ කියලා නවත්වන්න නම් එපා.
ඒ වගේම ඔබ ට නිවස තමන්ගේ දේපළ අහිමි වුණානම් ආයෙම අළුතින් කොහොමද තමන් ගොඩ නැගෙන්නේ කියල කල්පනා කරලා බලන්න . ඒවගේම මේ වෙද්දී රජය වගේම දෙස් විදෙස් අපේ ආපදාවට ලක් වුණ අයට උදව් කරන්න පටන් අරන්නේ තියෙන්නේ.ඔයාටත් උදව් ගන්න පුළුවන්.
හිතට ධෛර්‍ය අරගන ජීවිතේ මොන දේ නැති වුණත් මගේ ජීවිතේ හරි ඉතුරු වෙලා තියනවනේ කියලා හිතලා ශක්තිමත් වෙන්න. ඔබේ මනස ශක්තිමත් නැත්නම් කායිකවත් ඔබව ශක්තිමත් නැඃඅ. ඒ ගැන හිතන්න අපි සමාජ මාධ්‍ය ඔස්සෙත් බොහෝ කණගාටුදායක අහිමි වීම් දැක්කා. ජීවිතේ මහන්සි වෙලා හම්බ කරපු දේ එක ක්ෂණයකින් විනාශ වෙලා ගිහින්. මොන තරම් නම් ඒ අයට වේදනාවක් ඇත්ද.ඒත් දැන් ඔයාට ඒ දේවල් නැති වෙලා ඉවරයිනේ නේද ඒ ගැන දුකයි තමයි . ඒත් ඒකම හිතලා තේරුමක් නැහැනේ. ඉතිං අපි වැටුණු තැනින් නැගිටුමු.
ආයේම ජීවිතේ ගොඩනගාගමු . ඔයාගේ හීන හැබෑ කරගමු. ඔව් ඔයාට පුළුවන් ආයෙම නැගිටින්න. හිත තමයි ගොඩක් දේ මුල ඉතිං අපි හැමෝම එකාවන්ව ආයෙම ශක්තිමත්ව නැගිටිමු ...