ආපදාවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි
By Kanchana
මෙරට පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති වලින් 320 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කරයි.
ඒ වගේම තවත් ජල ව්‍යාපෘති 130 කට අසන්න සංඛ්‍යාවක ප්‍රතිසංස්කරණ මෙතෙක් අවසන් කිරීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කර තිබේ .
තවද ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා දෙන ප්‍රදේශවල ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.