රජයේ ඉහළ තනතුරකට තවත් ලොක්කෙක්
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නව පුද්ගලයකු පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබේ.
පෙර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජනරාල් පී. ඒ. එස්. අතුල කුමාර මහතා 2025 දෙසැම්බර් 3 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පුරප්පාඩුවක් ඇති විය.
ඒ අනුව අදාළ පුරප්පාඩුව පුරන ලෙස, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කරන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී බී. ඒ. ටී. රුද්‍රිගෝ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබාදීමට යෝජනා කරන ලදී.
මෙම යෝජනාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කර ඇති බව නිවේදනය කර තිබේ.