මම දුෂ්ට චරිතයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ, නමුත් මට ලැබෙන්නෙම නිවුණු අහිංසක චරිත-දිනූෂ දිසානායක (PHOTOS )

By Sithumi Mar 07, 2023 03:18 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන රාජිනි සහ දියණි ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි දිනූෂ දිසානායක කියලා කියන්නේ. ඒ වගේම ඔහු පසුගිය දවස්වල ධරණි ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකවෙලා සිටියා. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ වන නදුනි කරුණාතිලක කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීචර්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් දිනුෂ පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන වගේම විවාහ වෙලා දැන් ගෙවන ආදරණීය ජීවිතේ ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු දුෂ්ට චරිතයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා වුනත් තාම නම් ඒ අවස්ථාව ලැබුණේ නැහැ කියලයි ඔහු කියන්නේ. මොකද ඔහුට හැමදාම ලැබෙන්නේ අහිංසක පෙම්වතාගේ චරිතය නිසා.

කොහොම නමුත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් තමයි ඔහුට නළුවෙක් වෙන්න පාර කැපුණේ. ඒ වගේම ඔහු මුලින්ම රඟපෑවේ ටෙලි චිත්‍රපටයක. එතැනින් පස්සේ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා කියලත් දිනූෂ කියනවා. ඉතින් එහි ඔහු රංගනයෙන් දායක වුන දේවකට හිතුවෙවත් නැති විදිහට ප්‍රතිචාර ලැබුණා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු රඟපාන්න ආවේ සාර්ථක වේවි කියලා ලොකු බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි වුනත් රඟපෑමේ වැඩේ පත්තු වෙලාම ගියා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහුට බිරිඳගෙන් ලොකු සහයක් ලැබෙනවා කියලයි දිනූෂ කියන්නේ. ඉතින් ඒ තේරුම් ගැනීම ඔහුට මේ ගමන යන්න ලොකු සහයක් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහුගේ ජීවිතේ හොඳම තෝරා ගැනීම ඇය කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha