දිලිත්ගෙන් ජනාධිපතිට තුති
Sri Lanka Politician
Dilith Jayaweera
By Mithu
තීරණාත්මක හා අභියෝගාත්මක කාලය තුළ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සඳහා සිදුකළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය කෘතඥතාව පළකර තිබේ.
දිලිත් ජයවීර මහතා පෙන්වා දෙන්නේ, සියලු දේශීය ව්‍යවසායකයින් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ රජයට එලෙස සිය ස්තූතිය පළ කරන බවය. මෙරට ජනතාවගේ යහපැවැත්ම සහ සමෘද්ධිය අන් සියල්ලට වඩා ඉහළින් තබමින් හැකි සෑම ආකාරයකින්ම රජයට සහායවීම සඳහා තමා ඇතුළු විපක්ෂයේ නායකයින් සූදානම් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය
