බීමත් නෑ කියලා - වෙදාරච්චි අත්අඩංගුවට - පරීක්ෂණයේ ඇත්ත බිඳීටෙයි

Sri Lanka Politician Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 22, 2025 10:05 AM GMT
Shehan

Shehan

Report

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා, තමන් බීමත්ව රිය පැදවූ බවට චෝදනා කරමින් පොලිසිය විසින් වැරදි ලෙස අත්අඩංගුවට ගත් බව අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, අදාළ පොලිස් නිලධාරීන් කැඳවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙන ලෙසයි.

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

“මම විදේශගතව සිටි මගේ පුතාව රැගෙන ගුවන්තොටුපළේ සිට ආපසු එමින් සිටියදී, කොටුව පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මට බීමත්ව රිය පැදවූ බවට චෝදනා කළා.පසුව මාව පොලිස් ස්ථානයට ගෙන ගොස් පරීක්ෂණවලට ලක් කළා. එම පරීක්ෂණවලින් තහවුරු වුණේ මම මත්පැන් පානය කර නොතිබූ බවයි,” යනුවෙන් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව තග්‍රික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා රජයෙන් සිසුන්ට වටිනා විදෙස් ශිෂ්‍යත්වයක්

ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා රජයෙන් සිසුන්ට වටිනා විදෙස් ශිෂ්‍යත්වයක්

රන් වලට ආයෝජනය කරන්න කාලය මේකයි – මිල දිනෙන් දින ඉහළට

රන් වලට ආයෝජනය කරන්න කාලය මේකයි – මිල දිනෙන් දින ඉහළට


ReeCha