කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

Report

'කෝපිකඩේ' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙක් වන සුදම් චන්දිම දයාරත්න මහතා අභිරහස් ආකාරයට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු 53 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක් වන අතර ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද සේවය කළ බව සඳහන්.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

ඊයේ දින(21) ඔහුගේ දේහය කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලීසිය තහවුරු කර තිබෙනවා.

දයාරත්න මහතාගේ බිරිඳ නිවසින් බැහැරව ගොස් සිටි විටදී මෙම සිදුවීම සිදුවී ඇති බව පවසයි.

තම සැමියා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ පිළිබඳව සැක සිතූ ඇය යළි නිවසට පැමිණ පරීක්ෂා කර ඇත.

ඒ මොහොතේ නිවසේ දොරගුළු ඇතුළතින් වසා තිබීම නිසා දොර කඩා නිවසට ඇතුළු වූ අවස්ථාවේදී ඔහු කාමරයේ ඇඳක් මත මියගොස් සිටිනු ඇය දැක ඇති බව සඳහන්.

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ඒ අනුව පොලීසිය සැක කරන්නේ හදිසි රෝගී තත්ත්වයක් මෙම මරණයට හේතු වන්නට ඇති බවයි.

මේ පිළිබඳව කොළොන්නාව වැඩබලන හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්ෂණය පවත්වා තිබෙනවා.

එසේම මරණයට නිශ්චිත හේතුව සොයාගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව ඇත.

මේ අතර දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර ඇති අතර වැල්ලම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති