ආණමඩුවේ ධම්මදස්සි හිමිගේ දේහය උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කරයි
By Kaushi
අපවත්වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය වෙනුවෙන් අස්ගිරි මහා විහාරීය ප්‍රවර උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වූයේ දේහය සම්බන්ධ ආදාහන පූජෝත්සවය එළඹෙන බ්‍රහස්පතින්දා (24) දින පස්වරු 2:30 අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන බවයි.