ඩිජිටල් උප්පැන්නේ ළඟදීම.
By Wayomi
ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කරනවා.
මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම වැඩසටහන තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බවයි.
ඔහු මේ බව කියා සිටියේ, පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක්වෙමින්.
අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |