සමාව දුන්නද? නැද්ද? කියලා හරියටම දැනුම් දෙයි...බලන් ගිහාම ලිස්ට් එකේ නම තිබිලත් නැහැ

Report

ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවෙක් නිදහස් කිරිම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මෙසේ නිදහස් කර ඇත්තේ වෙසක් උත්සවය නිමිත්තෙන් ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති රැඳවියෙක්. ඒ අනුව මේ සම්බන්ධයෙන් බරපතළ අක්‍රමිකතාවක් ඇති බවට පළවෙමින් තිබෙන පුවත් පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව අඳාළ නිවේදනයේ සඳහන්.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තිය යටතේ සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට බලය පවතී.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය වෙත බන්ධනාගාර අධිකාරිවරුන් තෝරා ගනු ලබන සිරකරුවන්ගේ නාම ලේඛනයක් යොමු කිරීම සිදු වේ.

ඉන්පසු අඳාළ ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කිරීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

මෙම ක්‍රියාවලියට පසුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අඳාළ සිරකරුවන්ට පොදු සමාව හිමිවන බව සඳහන්.

කෙසේ නමුත් ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ මෙම සිදුවීමට අදාළව 2025-05-06 හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවූ පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනය නම් 388කින් සමන්විත වූ බවයි.

එහෙත් අඳාළ ලේඛනයේ කිසිම ස්ථානයක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට සම්බන්ධව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බවයි.

එමෙන්ම සමාව දීමට ජනාධිපතිවරයා අනුමැතිය දුන් නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බවත් දක්වයි.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

එමෙන්ම “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවද සඳහන්.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මෙන්ම වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරන බවයි.

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා