රාජ්‍ය ඇමතිනී ඩයනා ට ලැබුණු විශේෂ අධිකරණ නියෝගය..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Diana Gamage
By Sewvandhi
ලබන 19 වනදා, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ගොනු කෙරුණු ඇපෑලක් සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අද යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ එම පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙසය.
Sponsored By Sarrita Jewellery