ඩයනාගේ පාර්ලිමේන්තු ධුරය ගැන අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ..!

Parliament of Sri Lanka Sri Lanka Diana Gamage
By Sewvandhi Oct 31, 2023 08:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභ කර තිබේ.

එම පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින්, ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ReeCha