පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගැන අලුත්ම ආරංචිය මෙන්න..
ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, එළඹෙන සතියේ යෝජිත අපේක්ෂකයන් සිවු දෙනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි එම පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
පොදු ජන පෙරමුණේ, යෝජිත අපේක්ෂකයන් අතරින් වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වෙත බවද වාර්තා වේ.
එය තවදුරටත් තහවුරු වෙමින් පාක්ෂිකයන්ගේ අවධානයට ලක්වී ඇත්තේ, ධම්මික පෙරේරා මහතා පොදු ජන පෙරමුණේ මැයි රැළිය ඇතුළු ප්‍රධාන උත්සව අවස්ථා රැසක ඉදිරි පෙල ආසනයක සිටීම දකින්නට ලැබීමයි.