හෙටින් ආරම්භ වන ප්‍රධාන විභාගයේ සියලු කටයුතු සූදානම්..සියලු දරුවන්ට දැනුම්දීමක්..

Report

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ලබන බ්‍රහස්පතින්දා එනම් හෙට(28) සහ සිකුරාදා අනිද්දා (29) දෙදින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විභාග මධ්‍යස්ථාන 669කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව බෞද්ධ ,හින්දු ,ඉස්ලාම් ,කතෝලික දහම් පාසල් දරුවන් සදහා විභාගය පැවැත්වෙයි.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත යොමුකර ඇත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, යම් හෙයකින් ප්‍රවේශ පත්‍ර නොලැබුනේනම් විභාග දෙපාර්තමේන්තුවේ  apps.exams.gov.lk/principals/admissions වෙත පිවිස නිකුත් කර ඇති පරිශීලක නාමය හා මුරපදය ඇතුලත් කර ප්‍රවේශ පත්‍ර බාගත කර හැකි බවයි.