මෙහෙමත් තිරිසන්නු - උදැල්ලෙන් ගසා සංවර්ධන නිලධාරිනිය මරලා
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තා වේ.ඒ මාවතගම වැවගෙදර ප්‍රදේශයේදීය.
එහිදී උදැල්ලකින් පහර දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන සංවර්ධන නිලධාරිනියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (12) සැකපිට අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය පවසනවා
එදින රාත්‍රී 11.00 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව කියයි. ඝාතනයට ලක්වූ සංවර්ධන නිලධාරිනිය රඹුක්කන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන 35 හැවිරිදි අවිවාහක තැනැත්තියක්.
ඇය තනියම ජීවත් වූ තැනැත්තියක බවද පැවසෙනවා. එදින රාත්‍රියේ ඇය තම නිවසේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටි නිවසක් කරා ගොස් ඇති බවද එම අවස්ථාවේදී එහි මත්පැන් සාදයක් පැවැත්වෙමින් තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම නිවස පෙනෙන තෙක් මානයකදී කාන්තාව පහරදීමට ලක්ව ඇති බවද පොලිසිය ප්‍රකාශ කරනවා. මෙම ඝාතනයට අනියම් සබඳතාවයක් මූලික වන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තා වේ.