දේශබන්දුට වැටුණු අලුත් තහනම
මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නටද මේ වන විට වරෙන්තු නිකුත් කර තිඛෙනවා.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
2023 දෙසැම්බර් 31 වනදා මාතර - වැලිගම - පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ.