රිමාන්ඩ් වූ දේශබන්දුට අමුතු ලෙඩක්?
Sri Lanka Police
Deshabandu Tennakoon
Sinhala news
By Dilasha
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඔහු අහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
අඟුරුකොල පැලැස්ස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පළමු දිනයේදී ද ඔහු ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ද, බන්ධනාගාරය තුළදී කිසිවකු හා කතා කිරීමද සිදු නොකර ඇති ඔහු බන්දනාගාර කුටියේ වාඩිවී බලා ගත් අත බලා සිට ඇති බවද වාර්තා වේ.
දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනම කුටියක පොලිස්පතිවරයා මේ වන විට රඳවා ඇති අතර ඊයේ දින බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කිරීමෙන් පසු ඔහුව බන්ධනාගාර නිලධාරීන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
